.webp)
-606848.jpg)
රුසියානු-යුක්‍රේන යුද්ධය අවසන් කිරීම පිළිබඳව අමෙරිකානු නියෝජිතයින් අතර ධනාත්මක සංවාදයක් පැවැත්වුණු බව යුක්රේන ජනාධිපති වොලොඩමියර් සෙලෙන්ස්කි පවසයි.
ඊයේ යුක්‍රේන ජනාධිපතිවරයා ස්ටීව් විට්කොෆ් සහ ජෙරඩ් කුෂ්නර් යන අමෙරිකාවේ විශේෂ නියෝජිතයින් සමග පැයක පමණ කාලයක් දුරකථන සංවාදයක නිරතව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
එහිදී, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ට සිය නත්තල් සුභ පැතුම් එක් කරන ලෙසද, යුක්රේන ජනාධිපතිවරයා, අමෙරිකානු නියෝජිතයින්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
අමෙරිකාව ඉදිරිපත් කළ කරුණු 20ක සාම සැලැස්මට මුලින් යුක්‍රේන ඇතුළු යුරෝපා නායකයින්ගෙන් විරෝධයක් එල්ල වුවද සාකච්ඡා වලින් පසු යම් යම් වෙනස්කම් සදහා පාර්ශව එකඟ වී ඇතැයි විදෙස් වාර්තා වල සදහන් වේ.
රුසියාව නැවත යුක්‍රේනය ආක්‍රමණය කළහොත් ඒකාබද්ධ මිලිටරි ප්‍රතිචාරයක් දක්වන බවට අමෙරිකාව නේටෝ සහ යුරෝපීය රටවල් ඔවුන්ගේ සහතිකය ලබාදී ඇති බවත් වාර්තා වේ.
රුසියාව ඔවුන්ගේ ග්‍රහණයට නතු කරගෙන ඇති යුක්‍රේනය ඩොනෙට්ස්ක් නගරය, නිදහස් ආර්ථික කලාපයක් බවට පත්කළ හැකි බවටද යුක්රේන ජනාධිපතිවරයා යෝජනා කර ඇතැයි විදෙස් වාර්තා වල සඳහන් වේ.
