මැදවච්චිය-තලෙයිමන්නාරම දුම්රිය ධාවනය ඉදිරි මාසයේදී

මැදවච්චිය - තලෙයි මන්නාරම දුම්රිය ධාවනය ඉදිරි සති 03 ඇතුළත ආරම්භ කිරීමට සැලසුම් - දුම්රිය දෙපාර්තමේන්තුව

by Staff writer 26-12-2025 | 9:57 AM

COLOMBO (News 1st) - මැදවච්චිය - තලෙයි මන්නාරම දුම්රිය ධාවනය ඉදිරි සති තුන ඇතුළත ආරම්භ කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ.

ආපදා හේතුවෙන් දුම්රිය මාර්ගයට වූ හානි මේ වනවිට යථා තත්ත්වයට පත් කරමින් ඇති බව එහි මාර්ග හා නඩත්තු අංශය පැවසුවේ ය.

පුත්තලම මාර්ගයේ කැඩී ගිය පාලම් දෙකක අලුත්වැඩියා ද ආරම්භ කර තිබේ.

එම කටයුතු අවසන් වූ පසු දැනට නාත්තන්ඩියට සීමා කර ඇති දුම්රිය ධාවනය පුත්තලම දක්වා සිදු කිරීමට සැලසුම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය.

ආපදා හේතුවෙන් බරපතලම හානි සිදුව ඇත්තේ උඩරට දුම්රිය මාර්ගයටය.

එහි ප්‍රතිසංස්කරණ කොටස් කිහිපයකට බෙදා ප්‍රතිසංස්කරණය මේ වනවිට ආරම්භ කර ඇත.

දෙපාර්තමේන්තුව පැවසුවේ ඒ අනුව රඹුක්කන - කඩුගන්නාව , ගම්පොල - නාවලපිටිය හා කොටගල - අඹේවෙල අතර කොටස්වල ප්‍රතිසංස්කරණ ආරම්භ කර ඇති බවය.ඤ

මහනුවර මාතලේ දුම්රිය මාර්ගයේද හානිවූ කොටස් පිළිසකර කිරීම් ආරම්භ කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරන ලදි.