නව වසරේ මෙරට රන් මිල තවත් ඉහළ යන බවට අනාවැකි..

නව වසරේ මෙරට රන් මිල තවත් ඉහළ යන බවට අනාවැකි..

by Staff writer 26-12-2025 | 8:04 AM

COLOMBO (News 1st) - ලෝක වෙළඳ පොළේ රන් මිල ඉහළ යාමට සාපේක්ෂව මෙරට රන් මිල ඉහළ යාමේ ශීඝ්‍රතාව අඩුවී ඇතැයි ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසයි.

මේ දිනවල මෙරට කැරට් 24 රන් පවුමක් රුපියල් තුන් ලක්ෂ 57000 කට අලෙවි වන බව එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ඉන්දික බණ්ඩාර සඳහන් කළේ ය.

එහෙත් ලෝක රන් මිල මේ වනවිට සටහන් වන්නේ ඉතිහාසයේ ඉහළම අගයකය.

ඊයේ (25) දිනයේ ලෝක වෙළඳපොළේ රන් අවුන්සයක මිළ ඩොලර් 4479ක් ලෙස සටහන් වුණි.

කෙසේ වෙතත් නත්තලින් පසු මෙහරට රන් මිලද තවදුරටත් ඉහළ යනු ඇතැයි ඉන්දික බණ්ඩාර ප්‍රකාශ කළේ ය.

ලෝක වෙළඳපොළේ රන් මිල ඉහළ යාමට හේතුවූ කරුණු සම්බන්ධයෙන්ද ඔහු පැහැදිලි කිරීමක් කළේ ය.