.webp)
-606842.jpg)
COLOMBO (News 1st) - නයිජීරියාවේ රැදී සිටින IS ත්‍රස්ත සංවිධානයේ සාමාජිකයින් ඉලක්ක කරගනිමින් අමෙරිකානු හමුදා ප්‍රහාර දියත් කර තිබේ.
සමාජ මාධ්‍ය ඔස්සේ පණිවුඩයක් තබමින්, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඒ බව තහවුරු කළේ ය.
සිය නායකත්වය යටතේ, රැඩිකල් ආගමික අන්තවාදී ත්‍රස්ත කණ්ඩායම් වලට නැගී සිටීමට අමෙරිකාව ඉඩ නොදෙන බවද, ට්‍රම්ප් ජනාධිපතිවරයා අවධාරණය කර ඇත.
ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ IS ත්‍රස්ත සංවිධානය නයිජීරියාවේ ජීවත් වන කිතුණු භක්තිකයින් ඝාතනය කිරීමට එරෙහිව අමෙරිකානු හමුදා ප්‍රහාර දියත් කළ බවය.
අමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත්ද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ නයිජීරියානු රජය, අමෙරිකානු හමුදාවලට ලබාදුන් සහයෝගයට සිය කෘතඥතාවය පළකරන බවය.
