ජාතික සුරක්ෂිත දිනය අදට යෙදී තිබේ..

ජාතික සුරක්ෂිත දිනය අදට යෙදී තිබේ..

by Staff writer 26-12-2025 | 6:42 AM

COLOMBO (News 1st) - ජාතික සුරක්ෂිත දිනය අදට යෙදී තිබේ.

2004 වසරේ සිදුවු සුනාමි ව්‍යසනයෙන් පසු 2005 වසරේ සිට සෑම වසරකම දෙසැම්බර් 26 වැනිදා සුරක්ෂිත දිනය ලෙස නම් කරමින් සමරන්නේ සුනාමිය ඇතුළු ආපදාවලින් මියගිය පිරිස් සිහි කිරීම හා ආපදාවන් පිළිබඳ පූර්ව සුදානම පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ අරමුණු කර ගනිමින්ය.

සුනාමියෙන් මියගිය පිරිස සිහිපත් කරමින් අද (26) පෙරවරු 9.25 සිට 9.27 දක්වා විනාඩි දෙකක නිහඬතාවයක්ද රට පුරා පැවැත්වේ.

ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ සඳහන් කළේ ජාතික සුරක්ෂිත දින ප්‍රධාන සැමරුම් උත්සවය අද පෙරවරුවේ පැරෑලිය සුනාමි ස්මාරකය  අභියසදී පැවැත්වෙන බවය.

2004  වසරේ සිදුවූ සුනාමියෙන් මෙරට මිනිස් ජීවිත රැසක් රටට අහිමි වුණි.

එම ව්‍යසනයට අදට වසර 21 ක්.