උත්සව සමය වෙනුවෙන් අදත් විශේෂ ප්‍රවාහන සේවා..

උත්සව සමය වෙනුවෙන් අදත් විශේෂ ප්‍රවාහන සේවා..

by Staff writer 26-12-2025 | 9:08 AM

COLOMBO (News 1st) - නත්තල හා නව අවුරුදු උදාවට සූදානම් වන ජනතාව සඳහා අදත් ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කර තිබේ.

ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පී එච් ආර් ටී චන්ද්‍රිසිරි සඳහන් කළේ මගී අවශ්‍යතාව අනුව බස් රථ යෙදවීමට අදත් සැලසුම් කර ඇති බවය.

අන්තර් පළාත් පෞද්ගලික බස් සේවාද අද (26) දිනයේත් මගී අවශ්‍යාතවට සරිලන ලෙස ධාවනයට එක් කර ඇති බව ජාතික ගමනාගමන කොමිසම සඳහන් කළේ ය.