T56 ගිනි අවියක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට..

T56 ගිනි අවියක් සහ උණ්ඩ 27ක් සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට...

by Staff writer 25-12-2025 | 3:46 PM

COLOMBO (News 1st) – ග්‍රෑන්ඩ්පාස්, ජෝෂප් වීදිය ප්‍රදේශයේදී T56 ගිනි අවියක් සහ උණ්ඩ 27 ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ ලද තොරතුරක් මත ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් එම ගිනි අවිය ඊයේ(24) රාත්‍රියේදී සොයා ගත් බවයි.

අත්අඩංගුවට ගෙන ඇත්තේ 67 හැවිරිදි පුද්ගලයෙක්.

මේ අතර, පිළියන්දල වීරසිංහ මාවත ප්‍රදේශයේ තිබී මිලිමීටර් 9 වර්ගයේ විදෙස් රටක නිෂ්පාදිත පිස්තෝලයක් සොයා ගෙන තිබේ.

ඒ බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයට ලද තොරතුරක් මත ඊයේ රාත්‍රීයේ සිදුකළ වැටලීමකිනි.