අදත් විශේෂ ප්‍රවාහන සේවා...

උත්සව සමයේ ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් අදත් විශේෂ ප්‍රවාහන සේවා...

by Staff writer 25-12-2025 | 7:55 AM

COLOMBO (News 1st) - උත්සව සමය වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාවට අද (25) දිනයේත් විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක බව, ලංකා ගමනාගමන මණ්ඩල පවසයි.

එහි  ප්‍රධාන මෙහෙයුම් අධිකාරි සංඛ වීරසූරිය පැවසුවේ, අද දිනයේදී විශේෂ ගමන්වාර 75 ක් ක්‍රියාත්මක බවයි.

ඒම ප්‍රවාහන සේවා ලබන 27 වැනිදා දක්වා ක්‍රියාත්මක බව ඔහු සඳහන් කළේ ය.

උත්සව සමයේදි මගින්ගේ පහසුව සඳහා පෞද්ගලික බස් රථ 100 කට ආසන්න සංඛ්‍යාවක් යොදවා ඇතැයි, ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් නිලාන් මිරෙන්ඩා පවසයි.

මේ අතර උත්සව සමය වෙනුවෙන් විශේෂ දුම්රිය සේවාව අද දිනයේද ක්‍රියාත්මක බව දුම්රිය ගමනා ගමන අධිකාරී අසංක සමරසිංහ පැවසුවේය.