.webp)
-606775.jpg)
COLOMBO (News 1st) - පැවති ආපදා තත්ත්වය හේතුවෙන් වසා දැමූ හක්ගල ජාතික උද්භිද උද්‍යානය අද (25) සිට සංචාරකයන් සඳහා විවෘත කර තිබේ.
ඒ ජාතික ගොඩනැගිලි පර්යේෂණ මධ්‍යස්ථානය හා ආපදා කළමනාකරණය මධ්‍යස්ථානයේ නිර්දේශ හා උපදෙස් මතය.
කෙසේ වෙතත් උද්‍යානයේ අනතුරුදායක ලක්ෂණ මතු වූ ස්ථාන වන පිවිසීමේ ගේට්ටුව, පොකුණු සහිත ප්‍රදේශය හා වනෝද්‍යාන මාර්ග වල පිවිසීම තාවකාලිකව වළක්වා ඇත.
එමෙන්ම දෙස් විදෙස් සංචාරකයින්ගේ පහසුව වෙනුවෙන් උද්භිද උද්‍යාන කාර්යමණ්ඩලය විසින් විශේෂ වැඩසටහනක් ද සංවිධානය කර තිබේ.
