.webp)

COLOMBO (News 1st) - සම්පත් මනම්පේරි නැමැත්තා ලබන වසරේ මාර්තු 26 වැනිදා දක්වා රැඳවුම් නියෝග ලබා දී තිබේ.
ඒ, සැකකරු අද වලස්මුල්ල මහේස්ත්‍රාත් මල්ශා කොඩිතුවක්කු මෙනෙවිය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීය.
සම්පත් මනම්පේරී මේවන විටත්, බස්නාහිර උතුර අපරාධ විමර්ශන කොටඨාසයේ රැඳවුම් භාරයේ පසුවේ.
අයිස් මත්ද්‍රව්‍ය සහිත කන්ටේනර් දෙකක් ළඟ තබා ගැනීමේ සිද්ධියට අදාළව ඔහු අත්අඩංගුවට ගැණුනි.
මේ අතර, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිටින පියල් මනම්පේරි ද අද අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
සැකකරු ලබන 07 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර දක්වා කිරීමට එහිදී නියෝග කෙරුණි.
අධිකරණය හමුවේ කරුණු දක්වමින්, බස්නාහිර උතුර අපරාධ විමර්ශන කොට්ඨාසය සඳහන් කළේ සිද්ධිියට අදාළව පොලිස් විමර්ශන තවදුරටත් සිදුවෙමින් පවතින බවය.
සම්පත් මනම්පේරිගේ ප්‍රකාශ අනුව තවත් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදු කරන බව එම කොට්ඨාසය අධිකරණයට දැනුම් දෙන ලදි.
