රාගමින් සොයා ගත් ගිනි අවි...

රාගමින් සොයා ගත් ගිනි අවි...

by Staff writer 24-12-2025 | 7:50 AM

COLOMBO (News 1st) - රාගම පහළ වත්ත ප්‍රදේශයේ පාළු ස්ථානයක නතර කර තිබූ මෝටර් රථයක තිබී T56 ගිනි අවියක් හා පතරොම් ගැබ් දෙකක් සොයාගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, එම මොටර් රථය එම ස්ථානයේ අතහැර දමා සැකකරුවන් පළා ගොස් ඇති බව නිරීක්ෂණය වූ බවයි.

ඔවුන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ක්‍රියාත්මක බව පොලීසිය සඳහන් කළේ ය.