ඉන්දියාවෙන් ඩොලර් මිලියන 450ක සහන පැකේජයක්

දිට්වා සුළි කුණාටුවෙන් සිදුවූ හානි යථා තත්ත්වයට පත්කිරීමට ඉන්දියාවෙන් ඩොලර් මිලියන 450ක් - ඉන්දීය විදේශ අමාත්‍ය

by Staff Writer . 23-12-2025 | 11:03 AM

COLOMBO (News 1st) - දිට්වා සුළි කුණාටුවෙන් සිදුවූ හානිය යථා තත්ත්වය පත්කර ගැනීමට ඉන්දියාවෙන් ඩොලර් මිලියන 450 ක ආධාර පැකේයක් මෙරටට ලබාදෙන බව ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජයශංකර් පවසයි.

ඉන්දීය විදේශ අමාත්‍යවරයා ඒ බව පැවසුවේ ඒකාබද්ධ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

ඉන්දීය විදේශ අමාත්‍යවරයා ජනපතිවරයා හමුවීමෙන් අනතුරුව විදේශ අමාත්‍ය විජිත හේරත් සමග එක්ව ඒකාබද්ධ මාධ්‍ය හමුවකට එක්වුණි.

ඒ, ජනාධිපති කාර්යාලයේදීය.