.webp)
-606537.jpg)
COLOMBO (News 1st) - මෙවර අපොස උසස් පෙළ කල්දැමූ විෂයන්ට මුහුණදීමට නියමිත සිසුන්ගේ පදිංචිය වෙනස් වී ඇත්නම් වහාම දැනුම් දෙන්නැයි විභාග දෙපාර්තමේන්තුව පවසයි.
ඒ් සම්බන්ධයෙන් තම පාසලේ විදුහල්පති හෝ විභාග දෙපාර්තමෙන්තුව දැනුවත් කරන ලෙස විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි පැවසුවේ ය.
0112784537 සහ 0112788616 අංක අමතා, ඒ පිළිබඳ විභාග දෙපාර්තමේන්තුව දැනුවත් කළ හැකි බවද විභාග කොමසාරිස් ජනරාල්වරිය පවසන ලදි.
විභාග කොමසාරිස් ජනරාල්වරිය දැනුම් දෙන්නේ, විභාග අපෙක්ෂකයින්ගේ ප්රවේශ පත්ර හෝ ජාතික හැදුනුම්පත් ආපදා හේතුවෙන් විනාශ වී ඇත්නම් ඒ් සඳහා කඩිනමින් අවධානය යොමුකරන ලෙසය.
