by Staff writer 22-12-2025 | 7:03 PM
COLOMBO(News1st) - රාජ්‍ය රූපවාහිනී සම්මාන උළෙලේදී සිරස ටීවී, නිවුස්ෆස්ට්, ශක්ති ටීවී සහ ටීවී වන් සම්මාන රැසකින් පිදුම් ලැබිණි.
කොළඹ ජාතික කෞතුකාගාර ශ්‍රවණාගාරයේදී මෙවර පැවැත්වුණේ, 2021 - 2024 වසර වලට අදාළ රාජ්‍ය රූපවාහිනී සම්මාන උළෙලයි.
එහිදී 2021 වසරේ හොඳම ගවේෂණාත්මක ප්රවෘත්ති වාර්තාකරණයට හිමි සම්මානය, නිවුස්ෆස්ට්හි වින්දන ප්‍රසාද් කරුණාරත්න දිනා ගත්තේය.
2021 දෙමළ මාධ්‍ය හොඳම ගවේෂණාත්මක ප්රවෘත්ති වාර්තාකරණය සදහා වූ ජූරියේ විශේෂ සම්මානයෙන් පිදුම් ලැබුවේ, නිවුස්ෆස්ට්හි රියාස් හාරිස් ය.
නිවුස්ෆස්ට්හි ලක්මාල් කිරිඳිගල, 2022 හොඳම ගවේෂණාත්මක ප්රවෘත්ති වාර්තාකරණයට හිමි සම්මානයෙන් පිදුම් ලැබී ය.
ජාතික ඒකාබද්ධතාව ප්‍රවර්ධනය කරන සිංහල මාධ්‍ය හොඳම වැඩසටහනට හිමි සම්මානය, පැතිකඩ වැඩසටහන වෙනුවෙන් නිවුස්ෆස්ට්හි අසෝක ඩයස් දිනා ගත්තේය.
ඉංග්‍රීසි මාධ්‍ය හොඳම වාර්තා වැඩසටහන සදහා පිරිනැමෙන කුසලතා සම්මානය දිනාගත්තේ ද, නිවුස්ෆස්ට්හි අසෝක ඩයස් ය.
ජාතික ඒකාබද්ධතාව ප්‍රවර්ධනය කරන ඉංග්‍රීසි මාධ්‍ය හොඳම වැඩසටහනට හිමි සම්මානය, නිවුස්ෆස්ට්හි සොනාලි වනිගබදුගේට හිමිවිය.
2021 දෙමළ මාධ්‍ය හොඳම වාර්තා වැඩසටහනට හිමි සම්මානය ශක්ති ටීවී වෙනුවෙන් සුදර්ශන් කනගරාජා දිනා ගත්තේය.
ශක්ති සුපර් ස්ටාර් වෙනුවෙන්, දෙමළ මාධ්‍ය හොඳම සංගීත වැඩසටහනට හිමි සම්මානය, කනගරාජ් දිනේෂ්ට හිමිවිය.