මේ වසරේ අපනයන ආදායම ඩො.බි 15,776ක්

මේ වසරේ අපනයන ආදායම ඩො.බි 15,776ක්

by Staff writer 22-12-2025 | 4:46 PM

COLOMBO (News1st) - මේ වසරේ ජනවාරි සිට නොවැම්බර් දක්වා කාලයේ ඩොලර් බිලියන 15,776ක අපනයන ආදායමක් ලැබී ඇතැයි ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද(22) පෙරවරුවේ මාධ්‍ය හමුවක් කැඳවමින් එහි සභාපති මංගල විජේසිංහ සඳහන් කළේ, අදාළ කාලසීමාවේ වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම, අමෙරිකානු ඩොලර් මිලියන 12,417.98ක්.

එය, 2024ට සාපේක්ෂව 6.41%ක වැඩිවීමක් බව, අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා සඳහන් කළේ ය.