මඩකලපුව මාර්ගයේ දුම්රිය ධාවනය අද සිට යළි ඇරඹෙයි

මඩකලපුව මාර්ගයේ දුම්රිය ධාවනය අද සිට යළි ඇරඹෙයි

by Staff writer 22-12-2025 | 7:18 AM

COLOMBO(News1st) - මඩකලපුව මාර්ගයේ දුම්රිය ධාවනය අද සිට යළි ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

පොළොන්නරුව සහ මනම්පිටිය අතර ගල්ලෑල්ල ප්‍රදේශයේ මාර්ග කොටසකට ආපදා හේතුවෙන් හානි සිදුවිය.

ඒ හේතුවෙන් මඩකලපුව දක්වා දුම්රිය ධාවනය කිරීමට හැකි වූයේ නැහැ.

මේ අතර , උතුරු දුම්රිය මාර්ගයේ කන්කසන්තුරය - අනුරාධපුරය අතර දුම්රිය ධාවනය ද, අද යළි ආරම්භ වෙයි.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, යාල්රාණී දුම්රිය එලෙස ධාවනයට එක් කරන බවයි.

සෑම දිනකම කන්කසන්තුරයෙන් උදෑසන 6.00 ට ගමන් අරඹන දුම්රිය, පෙරවරු 10.17 ට අනුරාධපුරයට ළඟා වෙයි.

අනුරාධපුරයෙන් නැවත පස්වරු 2.30 ට ගමන් ආරම්භ කරන දුම්රිය, පස්වරු 6 යි 53 වන විට කන්සන්තුරයට ළඟාවීමට නියමිත බව, දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.