අස්වැසුම තොරතුරු යාවත්කාලීන කිරීම් 31න් අවසන්

අස්වැසුම පළමු අදියරේ තොරතුරු යාවත්කාලීන කිරීමට දී ඇති කාලය, ලබන 31 වැනිදායින් අවසන්..

by Staff writer 22-12-2025 | 4:28 PM

COLOMBO (News 1st) - අස්වැසුම පළමු අදියරේ ප්‍රතිලාභීන්ගේ තොරතුරු යාවත්කාලීන කිරීමට දී ඇති කාලය, ලබන 31 වැනිදායින් අවසන් වේ.

සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කළේ, අස්වැසුම ප්‍රතිලාභීන් වාර්ෂිකව තොරතුරු යාවත්කාලීන කළ යුතු බවය.

සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩල වෙබ් අඩවියට පිවිස, අදාළ තොරතුරු යථාවත් කළ හැකි වේ.

ග්‍රාමනිලධාරී හෝ ප්‍රදේශයේ අස්වැසුම විෂය භාර නිලධාරී හමුවීමෙන් ද, එම කටයුතු සිදුකළ හැකිය.

කෙසේ වෙතත්, තොරතුරු යාවත්කාලීන නොකරන ප්‍රතිලාභීන්ට අස්වැසුම දීමනාව හිමි වන්නේ නැත.