තිහාරියේ වෙළඳසැලක ගින්නක්

තිහාරියේ වෙළඳසැලක ගින්නක්

by Staff writer 21-12-2025 | 4:46 PM

COLOMBO(News1st) - තිහාරිය නගරයේ වෙළඳසැලක ගින්නක් හටගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, විදුලි පහන් අලෙවි සැලක තුන්වන මහලේ එම  ගින්න හටගෙන ඇති බවයි.

ගිනිනිවීම් සේවා රථ 2ක් යොදා ගින්න පාලනය කරමින් පවතින බව සඳහන් වේ.

මේ හේතුවෙන්, කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ කොළඹ දෙසට වන මන්තීරුවේ රථවාහන ධාවනය එක් මන්තීරුවකට සීමා කළ බව පොලීසිය පැවසුවේය.