.webp)
-606391.jpg)
COLOMBO (News 1st) -
කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ පසුගියදා පැවති වර්ණ ප්‍රදානෝත්සවයකදී සිදුවූ සිදුවීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයයේ අවධානය යොමුව තිබේ.අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, සිද්ධිය සම්බන්ධයෙන් විදුහල්පතිනියගෙන් වාර්තාවක් කැඳවා ඇති බවයි.
අදාළ වාර්තාව ලැබීමෙන් පසුව ඊට අදාළ උපදෙස් හා ක්‍රියාමාර්ග සම්බන්ධව කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් නාලක කළුවැව සඳහන් කළේ ය.
කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ පසුගියදා පැවති වර්ණ ප්‍රදානෝත්සවයකදී තමාට සිදුවූ අසාධාරණයක් පිළිබඳව සිසුවියක් එම උත්සවයේදී පළ කළ අදහස් දැක්වීමක් මේ වනවිට සමාජ මාධ්‍යවල සංසරණය වේ.
අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් මෙලෙස ප්‍රතිචාර දක්වා ඇත්තේ එම සිදූවීම පිළිබඳවයි.
