5G සංඛ්‍යාත වර්ණාවලි වෙන්දේසියෙන් රජය ලැබූ අදායම

ශ්‍රී ලංකාවේ 5G සංඛ්‍යාත වර්ණාවලි වෙන්දේසියෙන් රජයට රුපියල් මිලියන 15,295.5ක ආදායමක්! -විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව-

by Staff writer 19-12-2025 | 8:15 AM

COLOMBO (News 1st) – 5 G සංඛ්‍යාත වර්ණාවලි වෙන්දේසියක් ඊයේ(18) කොළඹදී පැවැත්විය.

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ප්‍රකාශ කළේ,සංඛ්‍යාත ගාස්තු ඇතුලු සෙසු අය කිරීම් ද සමග රුපියල් මිලියන 15,295.5ක සමස්ත ආදායමක් ඉන් රජයට හිමිවන බවයි.

3500Mhz සංඛ්‍යාත පරාසයෙන් සහ 27ghz සංඛ්‍යාත පරාසයෙන් වෙනුවෙන් මෙම වෙන්දේසිය පැවැත්වූ අතර එහිදී 3500Mhz සංඛ්‍යාත පරාසයේ වර්ණාවලි මිලදී ගත්තේ, ඩයලොග් ආසියාටා සමාගම සහ මොබිටෙල් සමාගමයි.

එක් සංඛ්‍යාතයක් රුපියල් බිලියන 5.175 බැගින් වෙන්දේසි වී තිබුණ අතර 27ghz සංඛ්‍යාත පරාසයේ වර්ණාවලි ද, ඩයලොග් ආසියාටා සමාගම මිලදී ගෙන තිබුණේ, රුපියල් මිලියන 310.5 ක මුදලකටයි.

ඒ අනූව 5G සංඛ්‍යාත වර්ණාවලි වෙන්දේසියෙන් ලැබූ ආදායම, රුපියල් මිලියන 10,660.5 කි.

සංඛ්‍යාත ගාස්තු ඇතුලු සෙසු අය කිරීම් ද සමග රුපියල් මිලියන 15,295.5ක සමස්ත ආදායමක් ඉන් රජයට හිමිවූ බව, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සඳහන් කළේ ය.

ඊට අදාළ ගෙවීම් 2029 දක්වා කොටස් වශයෙන් ලබාදීමට අවස්ථාව හිමි වේ.