.webp)
-606258.jpg)
ඇය සඳහන් කළේ, ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා විසින් ලබාදුන් නියෝගයක් මත, එම තීරණය ගත් බවයි..
සිසුන් දෙදෙනෙකුට දිවි අහිමි කරමින් පසුගියදා අමෙරිකාවේ බ්‍රවුන් විශ්ව විද්‍යාලයේ සිදුවූ වෙඩි තැබීමේ සැකකරු අමෙරිකාවට පැමිණ ඇත්තේ ග්‍රීන් කාඩ් වීසා හරහා බව අනාවරණය වීම හේතුවෙන් ට්‍රම්ප් ජනාධිපතිවරයා එම නියෝගය නිකුත් කර තිබේ.
බ්‍රවුන් විශ්ව විද්‍යාලයේ වෙඩි තැබීම සහ M.I.T විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයෙකු වෙඩි තබා ඝාතනය කිරීම යන සිදුවීම් වල ප්‍රධාන සැකකරු වන්නේ පෘතුගාලයේ සිට අමෙරිකාවට සංක්‍රමණය වූ, 48 හැවිරිදි පුද්ගලයෙක්..
ඔහු 2017 වසරේ අමෙරිකාවේ ස්ථිර පදිංචියද ලබාගෙන තිබේ.
අදාළ සැකකරු වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන ඇති බව අද විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
"විවිධත්ව සංක්‍රමණ වීසා හෙවත් ග්‍රීන් කාඩ්", අහඹු පරිගණක දිනුම් ඇදීමක් හරහා, සංක්‍රමණ අනුපාත අඩු රටවල පුරවැසියන්ට හිමිවන අතර
එක් වසරකට නිකුත් කෙරෙන ග්‍රීන් කාඩ් වීසා සංඛ්‍යාව 55,000කට ආසන්නයි.
