මිහින්තලයේ වන අලියා පිළිස්සූ සැකකරුවන් 3ක් කොටු..

මිහින්තලය සීප්පුකුලම ප්‍රදේශයේ වන අලියෙකු පුලුස්සා හිංසා කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් තුන්දෙනෙකු අත්අඩංගුවට..

by Staff writer 18-12-2025 | 9:59 AM

COLOMBO (News 1st) - මිහින්තලය සීප්පුකුලම ප්‍රදේශයේ වන අලියෙකු පුලුස්සා හිංසා කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

42 , 48 සහ 50 වයස්වල පසුවන සැකකරුවන් සීප්පුකුලම ප්‍රදේශවල පදිංචිකරුවන්.

වන අලියෙකු පුළුලුස්සා හිංසා කරන ආකාරය දැක්වෙන විඩියෝ පටයක් මේ දිනවල සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වේ.

එම වන අලියා පසුගිය 16 වැනිදා මිය ගිය අතර මරණ පරීක්ෂණයේදි හෙළිවී ඇත්තේ වකුගඩු සහ අක්මාවේ ඇතිවූ රෝගී තත්ත්වය මෙන්ම පිළිස්සීමෙන් භීතියට පත්වීමෙන් මරණය සිදුව ඇති බවය.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් තුන්දෙනා අද (18) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

වයස අවුරුදු 50ත් 55 ත් අතර උස අඩි 09 ක් පමණ පිරිමි සතෙකු වන මෙම වන අලියාගේ ඉදිරි වම් පාදයට වෙඩි වැදීමක් ද සිදුව තිබුණි.

ඒ අනුව පිළිස්සුම් සහ වෙඩි වැදුණු තුවාල සහිතව සීප්පුකුලම අඹගහවෙල ප්‍රදේශයේ ඉඩමක වැටී සිටි වන අලියාට පණ්ඩුලගම පශු වෛද්‍ය කාර්යාලයේ නිලධාරීන්  ප්‍රතිකාර කල අතර පසුගිය 16 වැනිදා වන අලියා මිය ගියේ ය.