.webp)
-606184.jpg)
COLOMBO (News 1st) - ආපදා වලින් නිවාස අහිමි වූ නායයෑමේ අධි අවදානම් කලාපවල ජිවත්වූ ජනතාවට ලබා දීමට සුදුසු රජයේ ඉඩම් දිස්ත්‍රික් ලේකම්වරුන්, එවා ඇතැයි ඉඩම් සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.
අනුරාධපුර , පොළොන්නරුව, බදුල්ල, මහනුවර දිස්ත්‍රික්ක වල ඉඩම් ඒ අතර වන බව ඉඩම් කොමසාරිස් ජනරාල් චන්දන රණවිරආරච්චි සඳහන් කළේ ය.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයට එම ඉඩම් ලබාදී ඒවා වාසස්ථාන සදහා සුදුසු තත්ත්වයේ පවතින්නේ ද යන්න පිළිබද සොයා බලනු ඇත.
මේ අතර ආපදා හේතුවෙන් නිවාස අහිමි වූ ජනතාවට ලබා දීම වෙනුවෙන් නිවාස සංකිර්ණ ඉදි කිරිමට ව්‍යාසන කළමනාකරණය පිළිබඳ ජාතික සභාවේ එකඟතාව පසුගියදා හිමි වුණි.
නිවාස හා ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ සඳහන් කළේ නිවාස අහිමිවූ ජනතාව පදිංචි කිරිම සදහා නිවාස සංකිරණ ඉදි කිරිමට අවශ්‍ය කටයුතු සම්පාදනය, නිවාස සංවර්ධන අධිකාරියට භාර දුන් බවය.
