පාර්ලිමේන්තුව අද(18) පෙ.ව.9.30ට රැස්වෙයි..

ජන ජීවිත ගොඩ නැගීමට බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුවක් අද පාර්ලිමේන්තුවට...

by Staff writer 18-12-2025 | 6:46 AM

COLOMBO (News 1st) - හදිසි ආපදා වලින් අඩාලවූ ජන ජිවිත යාථා තත්ත්වයට පත් කිරීම වෙනුවෙන් රුපියල් බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුවක් අද(18)  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ.

පාර්ලිමේන්තුව අද කැඳවා ඇත්තේ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ විශේෂ ඉල්ලීමක් අනුවය.  

ඒ අනුව අද පෙරවරු 9.30ට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය.

පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර, රජයේ මුදල් පිළිබද කාරක සභාවට යොමු කිරීමට නියමිත වේ.

අනතුරුව අයහපත් කාලගුණයෙන් ඇති වු ව්‍යසනයෙන් පසු රටේ වර්තමාන තත්ත්වය පිළිබද කල් තැබීමේ විවාදය පැවැත්වෙනු ඇත.

මේ අතර හෙට දිනයේ ද  පාර්ලිමේන්තුව රැස්විමට නියමිතය.

එහිදී රුපියල් බිලියන 500 ක පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවේ විවාද කර අනුමත කර ගැනිමට නියමිතව ඇත.