හිටපු පා.මන්ත්‍රීවරුන් දෙදෙනෙක් අභාවප්‍රාත්ත වෙයි

අනුරාධපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්. සී. මුතුකුමාරණ සහ ජනක් මහේන්ද්‍ර අධිකාරි අභාවප්‍රාත්ත වෙයි..

by Staff writer 18-12-2025 | 11:23 AM

COLOMBO (News 1st) - අනුරාධපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්. සී. මුතුකුමාරණ සහ ජනක් මහේන්ද්‍ර අධිකාරි අභාවප්‍රාත්ත වී තිබේ.

කැකිරාව ආසනය නියෝජනය කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පාර්ලිමේන්තුවට දෙවරක් තේරීපත් වූ ජනක් මහේන්ද්‍ර අධිකාරි ඊයේ (17) අභාවප්ප්‍රාප්ත වුණේ, හෘදයාබාධයක් හේතුවෙනි.

අභාවප්ප්‍රාප්ත වන විට ඔහුගේ වයස අවුරුදු 60 ක්.

අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරීපත්ව පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ නියෝජ්‍ය අමාත්‍ය ධුරය දැරූ එස්. සී. මුතුකුමාරණ අභාවප්ප්‍රාප්ත වී ඇත්තේ ද හෘදයාබාධයක් හේතුවෙන් බව වාර්තා වේ.

ඒ, අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීය.

අභාවප්ප්‍රාප්ත වන විට ඔහුගේ වයස අවුරුදු 73කි.