ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනප්‍රියත්වය 39%ක් දක්වා පහළට

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනප්‍රියත්වය 39%ක් දක්වා පහළට

by Staff writer 17-12-2025 | 10:57 AM

COLOMBO(Newsfirst) - අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනප්‍රියත්වය  39%ක් දක්වා පහත වැටී තිබේ.

පසුගිය ඉරිදා සිට අඟහරුවාදා දක්වා දින තුනක කාලයක් රොයිටර්ස් සහ ඉප්සෝස් ආයතන විසින් සිදුකල සමීක්ෂණයකට අනුව මේ බව අනාවරණය වී තිබේ.

ඒ අනුව විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ රැකියා කාර්ය සාධනය හෙවත්, ජනපති ධුරයේ ඔහුගේ සාර්ථකත්වය, 39%ක් දක්වා පහළ ගොස් ඇති බවයි.

එය දෙසැම්බර් මුල් සතියේ,  41%ක් ලෙස පැවති අතර මේ වසරේ ජනවාරි මාසයේදී 47%ක් ලෙස පැවතුණි.

තීරු බදු සහ සංක්‍රමණික ප්‍රතිපත්ති ඇතුළු ක්ෂේත්‍ර ගනනාවක් සම්බන්ධයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා ගත් තීරණ අමෙරිකාව තුල මතබේදාත්මක තත්ත්වයක් නිර්මාණය කර ඇතැයි විදෙස් වාර්තා වල සඳහන් වේ.