ගංවතුරෙන් එක්වූ කැලිකසළ 50%ක් ඉවත් කෙරේ

ගංවතුරෙන් එක්වූ කැලිකසළ 50%ක් ඉවත් කෙරේ

by Staff writer 17-12-2025 | 5:04 PM

COLOMBO(News1st) - ආපදා හේතුවෙන් ගොඩගැසුණු අපද්‍රව්‍ය ඉවත් කිරීමේ විශාල ප්‍රගතියක් ඇතැයි මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.

කැලණි ගඟ පිටාර ගැලීමෙන් ඇති වූ ගංවතුරෙන් යට වූ ප්‍රදේශවල කැලිකසළවලින් 50%ක් මේ වනවිට ඉවත් කර ඇති බව එහි සභාපති මහචාර්ය තිලක් හේවාවසම් පැවසුවේ ය.

මහවැලි ගඟ පිටාර ගැලීමෙන් ගංවතුරින් යටවූ මහනුවර, කුණ්ඩසාලේ, පූජාපිටිය ආදී ප්‍රදේශවල කැළිකසළ ද මේ වනවිට ඉවත් කර අවසන් ය.

මහාචාර්ය තිලක් හේවාවසම් පැවසුවේ, අන්තරයාකර අපද්‍රව්‍ය, ඉලොක්ට්‍රොනික අපද්‍රව්‍ය හා සායනික අපද්‍රව්‍ය ලෙස වර්ගකීරණය කිරිමේ අවශ්‍යතාව පළාත් පාලන ආයතනවලට දැනුම් දී ඇති බවය.

කැලණි ගඟ පිටාර ගැලීමෙන් කොළඹ ප්‍රදේශ රැසක ගොඩගැසුණු කසළ ප්‍රමාණය මෙට්‍රික් ටොන් 30000කට අධික බවද මධ්‍යම පරිසර අධිකාරිය ප්‍රකාශ කරන ලදි.