.webp)
-606123.jpg)
ඒ ප්රශ්න කිරීම්වලදී ඔහුගෙන් ලද තොරතුරු මත කැලණිය එඬේරමුල්ල අතුරු මාර්ගයක පිහිටි කාමරයක සිදුකළ පරීක්ෂාවකදී ය.
T56 මැගසින් 2ක්,එම උණ්ඩ 267ක්ද එහි තිබී සොයා ගත් බව පොලීසිය පැවසුවේය.
පොලීසිය ප්රකාශ කළේ, සොයාගත් ගිනි අවිය බ්ලෝක් නයින්ටීන් වර්ගයේ මිල අධික ගිනි අවියක් බව වේ.
එම ආයුධ කෙහෙල්බද්දර පත්මේගේ දැනට විදේශගතව සිටින හිතවතෙකුගේ අනුදැනුම මත ඒවා ස්ථාන කිහිපයක සඟවා ඇති බව ප්රශ්න කිරීම්වලදී හෙළිව තිබේ.
මේ අතර සංවිධානාත්මක අපරාධකරුවෙකු වන දෙහිබාලේ නැමැත්තාට අයත් තවත් බහුදින යාත්රාවක් ක්රියාවිරහිත කළ බව පොලීසිය පවසුවේය.
අඩි 45ක් දිග එම බහුදින ධීවර යාත්රාවේ වටිනාකම රුපියල් මිලියන 45ක් වේ.
