.webp)

ඊට ඖෂධ ටොන් 10ක් සහ වියළි ආහාර ටොන් 15ක් ඇතුළත් ය.
දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ප්‍රජාවට සහන සැලසීමේ කටයුතු සඳහා සහය වීමේ අරමුණෙන් මෙම ද්‍රව්‍යාධාර තොගය මෙරටට එවා තිබේ.
ඊට අමතරව, ශෝර්යා නැමැති ඉන්දියානු වෙරළාරක්ෂක නෞකාවෙන් ටොන් 50 බරැති වියළි සළාක තොගයක් ද ඊයේ මෙරටට එවා තිබිණි.
මේ අතර, සාගර් බන්ධු මෙහෙයුම යටතේ මෙරටට පැමිණි ඉන්දීය වෛද්‍ය කණ්ඩායම සිය මානුෂීය මෙහෙයුම අවසන් කර පසුගියදා යළි ඉන්දියාව බලා පිටත්ව ගියේ ය.
