හෙට සිට පවතින වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක්

හෙට සිට පවතින වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

by Staff writer 15-12-2025 | 7:30 AM

COLOMBO (News 1st) - පවතින වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් හෙට සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම, ඊට හේතුවයි.

උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වලට වැසි වාර කිහිපයක් ඇති විය හැකි වෙයි.

දිවයිනේ සෙසු ප්‍රදේශවලට පස්වරු 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශ වලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝමීටර් 40ක පමණ තරමක තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

සබරගමුව, මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි වෙයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

මේ අතර , මහනුවර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට නිකුත් කළ ඉවත් වීමේ රතු නිවේදන තවදුරටත් බලාත්මක බව, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සදහන් කළේ ය.