ජනපතිගෙන් ශෝක පණිවුඩයක්

වෙඩි තැබීමෙන් මියගිය ඕස්ට්‍රේලියානු වැසියන් වෙනුවෙන් ජනපතිගෙන් ශෝක පණිවුඩයක්

by Staff writer 15-12-2025 | 1:00 PM

COLOMBO (News 1st) - ඕස්ට්‍රේලියාවේ බොන්ඩි වෙරළ තීරයේ සිදුවූ වෙඩි තැබීම ශ්‍රී ලංකාව දැඩිව හෙළා දකින බව, ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් එක්ස් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා සඳදහන් කළේ, ඒ සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු රජයට සහ මියගිය පුද්ගලයින්ගේ පවුල් වලට දැඩි ශෝකය පළ කරන බවයි.

ශ්‍රී ලංකාව, ඕස්ට්‍රේලියාව සමග අඛණ්ඩව සහයෝගයෙන් සිටින බව ජනාධිපතිවරයා පැවසුවේ, ප්‍රචණ්ඩත්වයට සහ වෛරයට සමාජය තුළ කිසිදු ඉඩක් නොමැති බව අවධාරණය කරමින් ය.