සිරස ශක්ති සහන යාත්‍රාව අද අඛණ්ඩව 17 වැනි දිනටත්

සිරස ශක්ති සහන යාත්‍රාව අද අඛණ්ඩව 17 වැනි දිනටත් ක්‍රියාත්මකයි.

by Staff writer 14-12-2025 | 6:56 AM

COLOMBO (News 1st) - සිරස ශක්ති සහන යාත්‍රාව අද(14) අඛණ්ඩව 17 වැනි දිනටත් ක්‍රියාත්මකයි.

අද එක් කණ්ඩායමක් පිටත්ව යන්නේ, මහනුවර තෙල්දෙණියේ විපතට පත්වූවන් වෙතයි.

ජනතාව පරිත්‍යාග කරන අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය, ගොඩබිමින්, ගුවනින් සහ දියඹින් ජනතාවට ලබාදෙන්නේ, ඔවුන්ට සැබෑම ශක්තියක් වෙමින්.

දස දෙසින් පෙළ ගැසෙන ජනතාව,ස්වේච්ඡාවෙන් පැමිණෙන තරුණ පරපුරේ සවිය සමග යුද හමුදාවේ ශක්තිය ද සිරස සහන යාත්‍රාවට එක්ව තිබෙනවා.

කොළඹ 02, සිරස මූලස්ථානය, දෙපානම විකාශන මධ්‍යස්ථානය,ගාල්ල කහදුවත්ත යන ස්ථාන වල පිහිටි මධ්‍යස්ථානවලට තවදුරටත් ආධාර භාරදිය හැකියි.