දින 11 තුළ සංචාරකයින් 70,023 දෙනෙකු මෙරටට...

දෙසැම්බර් මාසයේ පළමු දින 11 තුළ සංචාරකයින් 70,023 දෙනෙකු මෙරටට පැමිණෙයි.

by Staff writer 13-12-2025 | 3:09 PM

COLOMBO (News 1st) - දෙසැම්බර් මාසයේ පළමු දින 11 තුළ සංචාරකයින් 70,023 දෙනෙකු මෙරටට පැමිණ තිබේ.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරීය සඳහන් කළේ, ඉන් වැඩිම පිරිසක් ඉන්දියාවෙන් පැමිණ ඇති බවයි.

එම සංඛ්‍යාව 15,152 කි.

මෙම වසරේ ගතවූ කාලය තුළ මෙරටට සංචාරකයින් 21,73,616දෙනෙකු පැමිණ තිබේ.