බිඳ වැටුණු ජල සැපයුම 100% ක් යථා තත්ත්වයට

දිවයින පුරා ආපදාවෙන් බිඳ වැටුණු ජල සැපයුම 100% ක් යථා තත්ත්වයට පත් කර අවසන්..

by Staff writer 13-12-2025 | 2:17 PM

COLOMBO (News 1st) - ආපදා තත්ත්වය හමුවේ දිවයින පුරා බිඳ වැටුණු ජල සැපයුම 100% ක් යථාතත්ත්වයට පත් කර තිබේ.

ජාතික ජල සම්පාදන සහ ජලාපවාහන මණ්ඩලයේ සභාපති චන්දන බණ්ඩාර පැවසුවේ ඇතිවූ ආපදාවලින් නිවෙස් වල ජල සැපයුමට හානී වී ඇත්නම් ඒ වා මුදල් අයකිරීමකින් තොරව පිළිසකර කර දෙන බවය.

ආපදා වලින් ජාතික ජල සම්පාදන සහ ජලාපවාහන මණ්ඩලයට සිදුව ඇති හානිය රුපියල් බිලියන 5.6 බවට ඇස්තමේන්තුකර ඇතැයි ද ජලසම්පාදන මණ්ඩලයේ සභාපතිවරයා පවසන ලදි.