.webp)

COLOMBO (News 1st) - කළුතර, රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වල ඇතැම් ප්‍රදේශ වලට ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇති විය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ, ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමිනි.
අකුණු අනතුරු වලින් ආරක්ෂා වන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනු ලබයි.
මේ අතර, උතුර, උතුරු මැද, නැගෙනහිර, ඌව, මධ්‍යම සහ වයඹ පළාත් වලට වැසි ඇති විය හැකිය.
දිවයිනේ සෙසු ප්‍රදේශ වලට මිලිමීටර 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව, කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ කසුන් පැස්කුවෙල් සඳහන් කළේ ය.
