නාය අවදානම් ස්ථාන 2377 ක් සම්බන්ධයෙන් විමර්ශන

නාය අවදානම් ස්ථාන 2377 ක් සම්බන්ධයෙන් විමර්ශන - ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය

by Staff writer 12-12-2025 | 7:44 AM

COLOMBO (News 1st) - නායයෑම් හා නාය අවදානම් ස්ථාන 2377ක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

ඉන් ස්ථාන 529ක් සම්බන්ධයෙන් අවසන් වාර්තා නිකුත් කර ඇති බව එහි ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ වසන්ත සේනාධීර සඳහන් කළේ ය.

ඒ සඳහා දිස්ත්‍රික්ක 7කට යොදවා ඇති පරීක්ෂණ කණ්ඩායම් සංඛ්‍යාව 56කි.

පසුගියදා ඇද හැලුණු දැඩි වැසි හේතුවෙන් ස්ථාන 1322ක නායයෑම් හා පස් කඳු කඩාවැටීම් ඇතුළු සිදුවීම් වාර්තා වී ඇති බව ද ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ වසන්ත සේනාධිර සඳහන් කළේ ය.

නායගිය ස්ථාන චන්ද්‍රිකා ඡායාරූප මගින් හඳුනා ගැනීමේ වැඩපිළිවෙලක්ද මේ වනවිට ක්‍රියාත්මක බවද ඔහු ප්‍රකාශ කරන ලදි.