.webp)
-605612.jpg)
COLOMBO (News 1st) - දිස්ත්‍රික්ක 04කට නිකුත් කළ නායයෑමේ රතු නිවේදනය තවදුරටත් බලාත්මක වේ.
මහනුවර දිස්ත්‍රික්කයේ රතු නිවේදන නිකුත් කළ ප්‍රදේශීය ලේකම් කොට්ඨාස අතරට පන්විල, උඩපළාත, මිනිපේ, පූජාපිටිය, ගඟවට කොරලේ, තුම්පනේ, දොළුව, පාතදුම්බර, ගඟඉහළ කෝරලේ, හාරිස්පත්තුව, අකුරණ, උඩදුම්බර, පාතහේවාහැට, හතරලියද්ද, යටිනුවර, දෙල්තොට, මැදදුම්බර, උඩුනුවර, කුණ්ඩසාලේ සහ පස්බාගේ කෝරලේ ඇතුළත්.
කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට, රඹුක්කන, අරණායක, වරකාපොල,ගලිගමුව, මාවනැල්ල සහ බුලත්කොහුපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා නිකුත් කළ නායයෑමේ රතු නිවේදනය තවදුරටත් බලාත්මකයි.
මාතලේ දිස්ත්‍රික්කයේ රතු නිවේදන නිකුත් කළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ අතරට උකුවෙල, පල්ලේපොල, රත්තොට, මාතලේ,ලග්ගල පල්ලේගම, යටවත්ත, නාවුල, අඹන්ගග කෝරලේ සහ විල්ගමුව ඇතුළත්.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ රතු නිවේදන නිකුත් කලේ මල්ලවපිටිය, රීදිගම සහ මාවතගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහාය.
