උතුරට සහ නැගෙනහිරට අදත් තද වැසි..

උතුරු , උතුරුමැද සහ නැගෙනහිර පළාත් වලට අද මිලි මීටර් 100 ඉක්මවූ මහ වැසි - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

by Staff writer 11-12-2025 | 6:23 AM

COLOMBO (News 1st) - උතුරු , උතුරුමැද සහ නැගෙනහිර පළාත් වලට අද (11) ගිඟුරුම් සහිත වැසි  ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

සුළං වේගය ද ඉහළ යා හැකි බව එහි අනාවැකි අංශයේ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් සඳහන් කළේ ය.

බස්නාහිර , සබරගමුව, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේ  වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව ඔහු ප්‍රකාශ කළේ ය.