ආපදාවෙන් ක්ෂේත්‍ර බෝග බිම් හෙක්ටයාර 21,000ට හානි

ආපදාවලින් ක්ෂේත්‍ර බෝග වගාබිම් හෙක්ටයාර 21,000කට පමණ හානි..

by Staff writer 11-12-2025 | 9:32 AM

COLOMBO (News 1st) - දිට්වා සුළි කුණාටුවෙන් පසු ඇතිවූ ආපදා වලින් ක්ෂේත්‍ර භෝග වගා බිම් හෙක්ටයාර 21,000කට පමණ හානිවී ඇතැයි හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ සහ පුහුණු කිරිමේ ආයතනය පැවසුවේය.
අයහපත් කාලගුණයෙන් වී වගාවට සිදුව ඇති හානිය පිළිබඳ ගණනය කිරිම් මේ වන විට ආරම්භ කර ඇතැයි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසය.

කුඹුරු අක්කර එක්ලක්ෂ අට දහසකට පමණ හානිවී ඇතැයි වාර්තා වන බව එහි කොමසාරිස් ජනරාල් ධමිමික රණතුංග සඳහන් කළේ ය.

හානි වූ කුඹුරු හේක්ටයාර් එකක් සඳහා රුපියල් එක්ලක්ෂ පනස් දහසක මුදලක් ලබා දෙන බවද වැඩි දුරටත් සඳහන් කළේය.

මේ අතර අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක කිහිපයක වන අලි ගම් වැදීම පාලනය සඳහා ඉදිකළ අලි වැට සම්පුර්ණයෙන්ම විනාශ වී තිබේ.

වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් රංජන් මාරසිංහ සඳහන් කළේ වැඩි වශයෙන් හානි සිදුව ඇත්තේ පොළොන්නරුව දිස්ත්‍රික්කයට බවයි.

මේ අතර යාල වනෝද්‍යානයට සිදුව ඇති පාඩුව හා හානි පිළිබඳ සොයා බැලිමට හා පිළියම් යෙදීමට කොළඹින් නිළධාරීන් කණ්ඩායමක්  පිටත් කර යැවූ බව වනජිවි අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේය.