කබ්රාල්ට ලබා දුන් කොන්දේසී...

ග්‍රික බැදුම්කර අලාභය ගෙවීමේ, කොන්දේසියට යටත්ව කබ්රාල්ට එරෙහි අධිචෝදනාව අල්ලස් කොමිසම ඉල්ලා අස්කර ගනී.

by Staff writer 10-12-2025 | 5:16 PM

COLOMBO (News 1st) - ග්‍රීක බැඳුම්කර අලාභය වන රුපියල් 1,843,267,595.65ක් වන්දි ලෙස ගෙවීමේ කොන්දේසීයට යටත්ව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහි අධිචෝදනාව අල්ලස් කොමිසම අද(10) ඉල්ලා අස්කර ගෙන තිබේ.

ඒ , එම නඩුව අද(10) කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් හමුවේ කැඳවු අවස්ථාවේදියි.

අධිචෝදනාව ඉල්ලා අස්කර ගත් දිනයේ සිට මාස තුනක කාල සීමාවක් තුළ විත්තිකරු එම අලාභය ශ්‍රී ලංකා මහ බැංකුවට බැර කළ යුතුයි.

එලෙස නොකළහොත් විත්තිකරුට එරෙහිව නැවත අධිචෝදනා ගොනු කිරීමට පියවර ගන්නා බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කළේ ය.

ග්‍රීසිය ආර්ථික ආර්ථික අර්බුධයකට ලක්ව සිටියදී ඒ බව දැන දැනම ග්‍රීක රජය විසින් නිකුත් කරන ලද භාණ්ඩාගාර බිල්පත් මිලදී ගැනීමට රජයට රුපියල් කෝටි 184කට අධික පාඩුවක් සිදු කළේ යැයි , එම නඩුව පවරා තිබුණි.

නඩුවේ සෙසු විත්තිකරුවන් වන්නේ මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ධර්මසේන ධීරසිංහ , සහකාර අධිපතිවරුන් වන දොන් වසන්ත ආනන්ද සිල්වා සහ එම්.ඒ කරුණාරත්න යන අයයි.

එම විත්තිකරුවන් 03 දෙනා කොන්දේසී රහිතව කොළඹ මහාධිකරණය අද(10) මෙම නඩුවෙන් නිදහස් කළේ ය.