ප්‍රවේශ පත්‍ර හිමි දුම්රිය මගීන්ට විශේෂ බස් සේවයක්

ප්‍රවේශ පත්‍ර හිමි දුම්රිය මගීන් වෙනුවෙන් අද සිට විශේෂ බස් සේවයක්

by Staff writer 08-12-2025 | 9:39 AM

COLOMBO (News 1st) - 

දුම්රිය ප්‍රවේශ පත්‍ර හිමි මගීන් වෙනුවෙන් අද සිට විශේෂ බස් සේවයක් ක්‍රියාත්මක බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් නිලාන් මිරැන්ඩා සඳහන් කළේ, මහනුවර සහ කුරුණෑගල සිට ක්‍රියාත්මක එම බස් රථවල, දුම්රිය ප්‍රවේශ පත්‍රයෙන් ගමන් කළ හැකි බවයි.

ඒ අනූව මේ වනවිටත් මහනුවර දුම්රිය ස්ථානයේ හා කුරුණෑගල දුම්රිය ස්ථානයේ සිට කොළඹ කොටුව දක්වා අදාළ බස් සේවාව ආරම්භ වී තිබේ.

නිලාන් මිරැන්ඩා පැවසුවේ, අද හවස 4.15 ට කොළඹ කොටුවේ සිට මහනුවර සහ කුරුණෑගල දක්වා බස් රථ තුනක් ධාවනයට යොදවා ඇති බවයි.

ඊට අමතරව, ලංකා ගමනාගමන මණ්ඩලය ද දුම්රිය ධාවනය ඇණහිට ඇති ප්‍රදේශවල දුම්රිය මගීන් වෙනුවෙන් පසුගිය දෙවැනිදා සිට විශේෂ බස් සේවාවක් ආරම්භ කළේ ය.

ලංගම අධි සුඛෝපභෝගී බස් රථ හැර අනෙකුත් සාමාන්‍ය බස් රථ වල, මාසික දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර භාවිතයෙන් ගමන් කිරීමේ අවස්ථාව දී තිබේ.