ප්‍රදේශ කිහිපයක බස් ධාවනය තවදුරටත් ඇණහිටී..

වලපනේ, නුවරඑළිය, ගම්පොල සහ නාවලපිටිය ප්‍රදේශවල මාර්ග කිහිපයක බස් ධාවනය තවදුරටත් ඇණ හිටී.. - ලංකා ගමනාගමන මණ්ඩලය

by Staff writer 07-12-2025 | 10:05 AM

COLOMBO (News 1st) - වලපනේ, නුවරඑළිය, ගම්පොල සහ නාවලපිටිය ප්‍රදේශ ආශ්‍රිත මාර්ග කිහිපයක බස් ධාවනය තවදුරටත් ඇණහිට ඇතැයි ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.

එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ධාවන) පී එච් ආර් ඩී චන්ද්‍රසිරි සඳහන් කළේ, මාර්ග අවහිරතා ඊට හේතුවී ඇති බවය.

බදුල්ල, මාවනැල්ල, කෑගල්ල ඇතුලු ප්‍රදේශ කිහිපයක බස් රථ 153 ක් මෙතෙක් ධාවනය කිරීමට නොහැකි වී ඇතැයි ඔහු සඳහන් කරන ලදි.

ඔහු පැවසුවේ, මේ වන විට දිවයින පුරා බස් රථ 7332 ක් ධාවනයට එක් කර ඇති බවය.