ගිනි අවියක් ක්‍රියාත්මක වීමෙන් සැරයන්වරයෙකුට තුවාල

මාලඹේ පොලීසියේදී ගිනි අවියක් ක්‍රියාත්මක වීමෙන් සැරයන්වරයෙකුට තුවාල...

by Staff writer 07-12-2025 | 2:37 PM

COLOMBO (News 1st) - මාලඹේ පොලිස් ස්ථානයේදී ගිනි අවියක් ක්‍රියාත්මක වීමෙන් සැරයන්වරයෙකු තුවාල ලබා තිබේ.

තවත් සැරයන්වරයෙකු සතු ගිනි අවියක් ක්‍රියාත්මක වී ඔහු එලෙස තුවාල ලබා ඇති බව පොලීසිය සඳහන් කළේ ය.

තුවාල ලැබූ සැරයන්වරයා, කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

ඔහුගේ තත්ත්වය බරපතල නොවන බව, පොලීසිය සඳහන් කරන ලදි.