.webp)

ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ පාතහේවාහැට, හාරිස්පත්තුව, දොලුව, තුම්පනේ, පූජාපිටිය, උඩුනුවර, ගඟවට කෝරලය, අකුරණ, මිනිපේ, උඩපලාත, හතරලියද්ද, කුණ්ඩසාලේ, පාත දුම්බර, පන්විල, මැදදුම්බර, උඩුකුඹුර, දෙල්තොට, පස්බාගේ කෝරලේ, යටිනුවර සහ ගඟ ඉහළ කෝරලේ යන ප්‍රදේශීය ලේකම් කොට්ඨාසවලට ඉවත්වීමේ රතු නිවේදනය බලාත්මක වනු ඇති.
කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය, මාවනැල්ල,අරණායක,ගලිගමුව,වරකාපොල,කෑගල්ල,යටියන්තොට සහ රඹුක්කන සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ රීදිගම,අලව්ව,මාවතගම,මල්ලවපිටිය සහ පොල්ගහවෙල ප්‍රදේශීය ලේකම් කොට්ඨාසය ද ඊට අයත් ය.
නායයෑම් රතු නිවේදන නිකුත් කළ ප්‍රදේශ අතර මාතලේ දිස්ත්‍රික්කයේ රත්තොට, විල්ගමුව, ලග්ගල පල්ලේගම, අඹන්ගඟකෝරලේ,උකුවෙල,මාතලේ,නාවුල,පල්ලේපොල සහ යටවත්ත යන ප්‍රදේශීය ලේක්ම් කොට්ඨාස ඇතුළත් වෙයි.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පැවසුවේ, බදුල්ල, කුරුණෑගල, නුවරඑළිය, රත්නපුර, ගාල්ල, ගම්පහ සහ මොනරාගල දිස්ත්‍රික්කවල ප්‍රදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට නායයෑම් පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇති බවයි.
