.webp)
-605154.jpg)
COLOMBO (News 1st) - කල්පිටිය බත්තලංගුණ්ඩුව මුහුදු තීරයේ බෝට්ටුවක තිබී මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගෙන තිබේ.
ඒ, ඊයේ (06) රාත්‍රියේ නාවික හමුදාව කළ මෙහෙයුමකින්.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ.වුට්ලර් පැවසුවේ ඒ තුල තිබී අයිස් කිලෝග්‍රෑම් 63 ක් හා හෙරොයින් කිලෝග්‍රෑම් 14 ක් සොයාගත් බවයි.
ඒවා උර තුනක අසුරා තිබු බවද ඔහු ප්‍රකාශ කලා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ.වුට්ලර් පැවසුවේ බෝට්ටුවේ හිමිකරු හා ඔහුගෙ පුත්‍රයා මේ වන විට ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවයි.
