විපතට පත් ලාංකිකයින්ට, ස්විට්සර්ලන්තයෙන් ආධාර

විපතට පත් ලාංකිකයින්ට, ස්විට්සර්ලන්තයෙන් ආධාර

by Staff writer 06-12-2025 | 4:33 PM

COLOMBO(News1st) - දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ශ්‍රී ලාංකිකයින් සඳහා  ස්විට්සර්ලන්තය ප්‍රදානය කළ ආධාර තොගයක්  අද(06) උදෑසන කටුනායක ගුවන් තොටුපළට ළඟා විය.

ඒ , ස්විට්සර්ලන්තයේ සුරීච් නුවර සිට පැමිණි ගුවන් යානයකින්.

ජල පිරිසිදුකරණ යන්ත්‍ර මෙන්ම ඒවායේ ක්‍රියාකාරිත්වයට අවශ්‍ය තවත් උපකරණ රාශියක්  ඒ අතරට ඇතුළත් විය.

එම ආධාර භාර ගැනීමට ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත නියෝජ්‍ය තානාපති ඔලීවියර් ප්‍රාස් , ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් පිරිසක් ද පැමිණ සිටියේය.