.webp)
-605217.jpg)
එම අමාත්‍යංශය පැවසුවේ, එම සම්ප්‍රේෂණ පද්ධතියේ කුළුණක් සහ රැහැන් විනාශවීම හේතුවෙන් මහියංගණය ප්‍රදේශයට සහ මඩකලපුව අම්පාර දිස්ත්‍රික්කවල විදුලි සැපයුම අඩාල වූ බවය.
ලංකා විදුලිබල මණ්ඩලය විසින් කිලෝවෝල්ට් 33ක තාවකාලික සම්බන්ධතාවයක් හරහා අදාළ ප්‍රදේශයේ රෝහල්, ජල පොම්පාගාර වැනි අත්‍යවශ්‍ය ස්ථානවලට විදුලිය ලබාදීමට පියවර ගනු ලැබිණි.
ඇතැම් ප්‍රදේශවලට කඩින් කඩ පැය කිහිපය බැගින් විදුලිය ලබාදීමට කටයුතු කළ බව බලශක්ති අමාත්‍යංශය පැවසුවේ.
මේ අතර ආපදා තත්ත්වය හේතුවෙන් බිඳ වැටුණු විදුලි සැපයුමෙන් 86%ක් මේ වනවිට යථා තත්ත්වයට පත්කර ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කළේය.
