කොංගෝ-රුවන්ඩා සාම ගිවිසුම UN පිළිගනී

කොංගෝ - රුවන්ඩා සාම ගිවිසුම එක්සත් ජාතීන් පිළිගනී..

by Staff writer 06-12-2025 | 1:04 PM

COLOMBO(News1st) - කොංගෝව සහ රුවන්ඩාව අතර අත්සන් කරන ලද සාම ගිවිසුම එක්සත් ජාතින්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් නිල වශයෙන් පිළිගෙන තිබේ.

ඔහු සඳහන් කළේ, සටන් විරාමයත් සමඟ දෙරටම අඛණ්ඩ තිරසාර සාමයක් ස්ථාපිත කිරිමට කැපවිය යුතු බවයි.

එම සාම ගිවිසුම පසුගිය 4 වැනිදා අමෙරිකාවේ වොෂින්ටන් ඩී.සී. හිදී අත්සන් තබන ලදී..

ඒ  අමෙරිකාවේ පුර්ණ සහයෝගය යටතේයි.

සන්නද්ධ කණ්ඩායම් 120කට අධික සංඛ්‍යාවක් හේතුවෙන් දශක ගණනාවක් නැගෙනහිර කොංගෝව පීඩා විදිම හේතුවෙන් එම ගිවිසුම අත්සන් කෙරුණි.