ආපදා වලින් මියගිය ගණන 611 ඉක්මවයි.

ආපදා වලින් මියගිය ගණන 611 ඉක්මවයි.

by Staff writer 06-12-2025 | 5:07 PM

COLOMBO(News1st) - දිට්වා සුළි කුණාටුවත් සමග ඇතිවූ ආපදා තත්ත්වය හේතුවෙන් මියගිය පිරිස 611ක් දක්වා ඉහල ගොස් තිබේ.(14.00 PM) 

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කළේ, තවත් 213 දෙනෙකු අතුරුදන්ව ඇති බවයි.

ආරක්ෂිත මධ්‍යස්ථාන 956 ක පුද්ගලයින් එක් ලක්ෂ 14126ක් තවදුරටත් රැඳී සිටින බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ය.

නිවාස 4,309 කට පුර්ණ හානි සිදුව ඇති අතර අර්ධ හානි සිදුව ඇති නිවාස සංඛ්‍යාව  69,635 ක්.

මේ අතර දිවයින හරහා ඊසානදිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයෙත් අද පස්වරුවේ වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ අනාවැකියේ සඳහන් වේ.

බස්නාහිර, සබරගමුව, දකුණ සහ වයඹ පළාත්වල අද(06) පස්වරුවේ තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි