.webp)
-605223.jpg)
COLOMBO (News 1st) - ආපදා හේතුවෙන් නිවාස අහිමි පුද්ගලයින් වෙත ආණ්ඩුවේ සහන ලබාදීමට අදාළව දත්ත එක් රැස්කිරීම ආරම්භ කර තිබේ.
සහන ලබා දීමේදී ඇතිවන ප්‍රායෝගික ගැටලු හඳුනා ගැනීමද ඊට සමගාමීව ආරම්භ කළ බව ඉදිකිරීම් හා නිවාස අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ සඳහන් කළේ ය.
කැගල්ල දිස්ත්‍රික්කයෙන් අද ආරම්භ කළ එම දත්ත එක්රැස් කිරීම්, ආපදාවට ලක්වූ සියළුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි කඩිනමින් අවසන් කරන බව අමාත්‍යවරයා පවසන ලදි.
